(අජිත්ලාල් ශාන්තඋදය)

ඇහැලියගොඩ  පොල්වත්ත කඩේ හන්දිය ආසන්නයේදී  පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ඇහැලියගොඩ පොලිසිය කියයි.

මෙලෙස ඝානය කර ඇත්තේ අවිස්සාවේල්ල  පදිංචි  නුවන් බුද්ධික රාජපක්ෂ (33) නැමැති විවාහක, පතල් රැකියාවේ නියුතුවකු බව ද පොලිසිය කියයි.

අපරාධකරුවන් ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පලාගිය බවට තොරතුරු ලැබි ඇති බවද කීවේය.

ඝාතනයට ලක්වු තැනැත්තාගේ ගෙල ප්‍රදේශයේ දරුණු කැපුම් තුවලවලින් අධික ලෙස රැධිරය වහනය වී තිබුණි.

පාදයකද කැපුම් තුවාල තිබු බව පොලිසිය කීවේය.